රංගනා!
තල් වැට අද්දර එබිකම් කරනා
නලළත තිලකේ කතා කරනා
සිනා පානා කොමළ කරනා
රංගනා මගෙ රංගනා
දේව දූතියයි රංගනා
සෙම්බු කළේ හිසේ තියන්
පාද සළඹ හඬවාපන්
කිකිණි හඬින් හිනාවෙයන්
ඉඟ සූඟ නලවා නටමින්
මා සනසාපන් රංගනා
වෙසක් මහේ මම එන්නේ
අම්ම අප්ප හමූවෙන්නයි
දැන්වත් කියපන් විගහින්
ආදරෙයිද මා තනියෙන්
සංසාරෙ කවදා හෝ හමූවී ඇති
අප දෙදෙනා රංගනා රංගනා
එක වහළක් යටට වෙලා
එකට හිදිමූ රංගනා රංගනා
මනාව පරිසරය ඇතිරකලා අවිහිංසක පැතුමකින් පිරුණ මේ පැදි පෙළේ අමුතුම ලස්සනක් තියෙන්නේ අක්කේ. චාන්දි අක්කාගෙන් තවත් ගීතමය පදපෙලක්.
ReplyDeleteගීතමය පද පෙලනම් හරිම ලස්සනයි චාන්දි අක්කා..
ReplyDeleteගීයක් වගේ තමයි. චන්දි අක්කගේ නිර්මාණ සින්දු වලට හොඳයි ..
ReplyDelete@ ගල්මල් - Coral;
ReplyDeleteබොහොම ස්තූතියි! ඩීන් මල්ලි. දැන් අත සනීප ඇති කියල හිතනවා. ජයම වේවා!
@ දිල්,
ReplyDeleteස්තූතියි ! නංගි. මට මේ ටිකේ ඔයාගෙ නිර්මාණ බැලුවට වචනයක් ලියන්න ලැබුනේ නැහැ. අවිවේකී බව නිසා. ඉක්මනින් ආයෙ එනවා හොදේ.
@ බින්දි,
ReplyDeleteස්තූතියි ! නංගි. මට මේ ටිකේ ඔයාගෙ සේද මාවතට එන්න බැරි උනා. ඉක්මනින්ම ආයෙ එනවා හොදේ.
ලස්සනයි චාන්දි අක්කේ
ReplyDelete@ කස්සා ,
ReplyDeleteස්තූතියි ! කස්සා මල්ලි.
ඔව් අක්කේ, දන් තරමක් දුරට හොඳයි. බොහෝම ස්තුතියි අක්කේ.
ReplyDeleteවැඩ වැඩි නිසා ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුනා. මට මතක් වුනේ වික්ටර්ගෙ "තල් අරඹෙන් එබී බලන් මීනා" ව.
ReplyDeleteමැණික්
වැඩ අධික වෙලත් මේ පැත්තෙ ආවට ස්තූතියි නංගි. මීන නුවන් ගීතය නම් මාත් හරිම ආස ගීතයක්.
ReplyDelete