නෙත් අඳ යුවතියකගේ ආලය!
දෑස නොපෙනුනත් පෙර කල පවට
හදුනා ගතිමි හිමියනි ඔබෙ ගුණ සුමට
කණවැල අල්ලන්ට මා වැනි අයට
දෙවියන් වැඩ සිටිති යලි මේ ලොවට
හදුනා ගතිමි හිමියනි ඔබෙ ගුණ සුමට
කණවැල අල්ලන්ට මා වැනි අයට
දෙවියන් වැඩ සිටිති යලි මේ ලොවට
හඳුනා ගතිමි ඔබේ හදවත නිමල
නොපෙනුනත් මට ඔබෙ මුව කමල
දැනේවී ඔබෙ යහගුණයන් නිබඳ
වඳිනෙමි හදවතින් ඔබ පා කමල
ඔබ පා යුග ගැටෙන හඩින්
හඳුනමි ඒ ඔබම යැයි සැනින්
සුවඳ පිරුන ඔබ හද කුටිය තුළින්
විහිදෙයි හිමියනි ඔබ ගුණ හතර අතින්
සේපාළිකා මල් සුවඳින් මත්වී
සඳරැස් කාන්තියෙන් මුව තෙත්වී
හද තුළ ඉතිරෙන සෙනෙහසිනී
පිවිතුරු ආදරයක සුව විඳිනෙමි මිහිරී
සෙනෙහස කරුණාව වෑහෙන චාන්දි අක්කා පද කරන මේ රටාවට කවදත් මං කැමතියි. කීපවරක්ම පදපෙල කියෙව්වා. බොහෝම තාත්විකයි අක්කේ.
ReplyDeleteලස්සනයි...
ReplyDeleteලස්සන අදහසක් චන්දි අක්කා..
ReplyDelete@ ගල්මල්-Coral;
ReplyDeleteස්තූතියි ඩීන් මල්ලි. හැමදාම ඇවිත් සටහනක් තබා කරන දිරි ගැනවීම ගොඩක් වටිනවා.
This comment has been removed by the author.
ReplyDelete@ සයුරි;
ReplyDeleteස්තූතියි! සයුරි නංගි.
@ Chathura Wijekoon;
ReplyDeleteස්තූතියි! චතුර මල්ලි. නිතර ඇවිත් සටහනක් තබා කරන දිරි ගැනවීම ගොඩක් වටිනවා.
අකුරු හරි. ධනික මල්ලි විකේතකය මටත් හරියන්න හැදුව නිසා දැන් කියවන්න පුළුවන්.
ReplyDeleteඅපි දන්න යුවලක් ඉන්නවා. නෝනාට ස්ට්‍රෝක් එකකින් පස්සෙ බොහොම අපහසුයි සාමාන්‍ය දෑ පවා කරගන්න. මහත්තයා රස්සාවත් එක්ක ඇය බලාගන්නා හැටි මතක් වුනා චාන්දි අක්කාගේ කවිය කියවද්දී ... එහෙම අය ඉන්න නිසා තමයි ලෝකය සුන්දරයි කියා හිතෙන්නෙ.
ලෝකය නසන අය ගැන ඇහෙද්දී මේ වගේ අයව මතක් කරන කවියක් කියවන්න ලැබෙන එක ලොකු සතුටක්. ස්තූතියි චාන්දි අක්කා.
කවදත් වගේ සංවේදී බව දනවන්න කල නිර්මාණයක් චාන්දි අක්කා...හරිම ලස්සනයි
ReplyDelete@ අරුණි,
ReplyDeleteනංගි විතේකය හදා ගත් බව අසා සතුටුයි. ධනික මල්ලිටත් ස්තූතියි! කියන්න. ලෝකය ලස්සන කරන්නේ අපිම තමා. එක එක්කෙනා හැදුනම ලෝකෙ ඉබේටම හැදේවි. ස්තූතියි කාලෙකින් ආවට.
@ දිල්;
ReplyDeleteනංගි ස්තූතියි!.
දෙ අත් අහිමි සොයුරෙක්ට සිය බත් පත අනා කැවූ...
ReplyDeleteඒ පෙම්වතිය....
අපි බොහෝ දිනක් සරසවියේ කැන්ටිමේදී දුටු දසුන...
සිහියට නැගුනා...
කියවන විටදී ඔබේ මේ කවි පද....
"සේපාළිකා මල් සුවඳින් මත්වී
ReplyDeleteසඳරැස් කාන්තියෙන් මුව තෙත්වී
හද තුළ ඉතිරෙන සෙනෙහසිනී
පිවිතුරු ආදරයක සුව විඳිනෙමි මිහිරී"
හරිම ලස්සන කවි සිතිවිල්ලක්... :)
@ නදුන් උයන;
ReplyDeleteස්තූතියි, නඳුන් මල්ලි. කාලෙකින් හරි මෙහෙම ආවට හරිම සතුටුයි.
@ නන්ඳු;
ReplyDeleteස්තූතියි නංගි.