ආදරිය!
මගේ නෙතුපිය යටම සැඟවී
සොයා සෙනෙහස යදීවී
ලමැද යහනේ සුවෙන් සැතපී
හිදින්නේ නුඹ ආදරී
මල් පෙත්තක සුමුදු මතුපිට
නාදල්ලක සිනිඳු දෙතොළඟ
ගලන ගඟුළක සිසිල් දහරක
දැනුණි ඔබගේ පහස මට අද
ඈත අහසේ පියා සලනා
රන් සමණළ සිනිදු තටුවක
පාට දේදුණු ඈත අඹරේ
නැගී සරනට මහද ආකාසේ
ආදරණිය කවි පෙළක්...
ReplyDeleteසෙනෙහසින් උතුරන පදපෙළක්, ලස්සනයි අක්කේ.
ReplyDeleteමිනිසුන්ගේ සැහැල්ලු නිදහස් ගතිපැවතුම් ගැන කියද්දී කුරුල්ලා කිරිල්ලිය වගේ කීවත් කුරුළු ලෝකයේ එකිනෙකා අතර ඇති බැඳීම කැපවීම නම් පුංචි පක්ෂියාට වඩා ගොඩාක් ලොකුයි කියනවා. යුවලින් කෙනෙකු ජීවිතාක්ෂයට පත්වූ විට අනෙකා තනිපංගලමේ ජීවිතයේ ඉතිරි කාලය ගෙවනවා කියන්නේ.
චාන්දි අක්කා ගෙන් දයාවෙන් පිරිච්ච ලස්සන පුංචි පද ටිකක් කියෙව්වම හිතත් පිරිලා යනවා! ස්තූතියි ගොඩාරියක්.
ReplyDeleteලස්සනයි... හරිම හෘදයාංගම බවක් දැනෙනවා!
ReplyDelete@ සයුරි,
ReplyDeleteබොහොම ස්තූතියි නංගියා. හැමදාම ඇවිත් වදනක් ලියන එක හරිම වටිනවා මට.
@ ගල්මල්,
ReplyDeleteඒක ඇත්ත මල්ලී, දැන් අපි ඉන්න ගෙදර වත්තට හරියට එක් එක් වර්ගයේ කුරුල්ලන් එනවා. ඒ අය නිසා මගේ කාලයෙන් වැඩි කොටසක් එයාලත් එක්ක තමයි ඉන්නෙ. කොච්චර යාලුවෙලාද? කීවොත් මගෙ අතින් කෑම කන්න එක ගිරවෙක් පුරුදු වෙලා. කාලෙකින් දකින්න පුලුවක් කෑරලා, සැළලිහිනියා සහ සිවුරු හොරෙක් හිටන් ඉන්නවා.
ඒ අයගෙ ලෝකෙ සුන්දර වගේම අනතුරුත් ඒ වගේමයි. මගෙ වහලෙ ඉන්න කොබෙයියගෙ බිත්තර අපි බලා ඉන්නැත්දි එක පාරටම කාක්කෙක් අරන් ගියා. දෙපැත්තම තියෙනවා. බොහොම ස්තූතියි සටහනට.
@ arunishapiro;
ReplyDeleteබොහොම ස්තූතියි නංගි. මේ ටිකේ මට කමෙන්ටුවක් වත් දාන්න බැරි උනා.
@ ලහිරු ;
ReplyDeleteබොහොම ස්තූතියි මල්ලි. අද ඔන්න, ඔයාගෙ පැත්තට ආව. සටහන් ටික කියවලාම කමෙන්ටුවක් දාන්නම්. මේ දේ කරගෙන යන්න හැමදාම දිරිය ශක්තිය පතනවා සෙනෙහසින්ම.
ලස්සනයි
ReplyDeleteගොඩක් ලස්සනයි නැන්දි..
ReplyDeleteහරිම ලස්සන හිත නිවන පද පෙලක් අක්කා.
ReplyDeleteඅදයිආවෙ මේපැත්තෙ..ලස්සනයි ගොඩක්
ReplyDeleteබොහොම ස්තූතියි මල්ලි මේ පැත්තේ ආවට. ඔයාගෙ අඩවියටත් ගොඩවෙන්නම්.
ReplyDelete@ ඊ මේල් කවිකාරි:
ReplyDeleteබොහොම ස්තූතියි නංගි.
@ වර්ෂා:
ReplyDeleteබොහොම ස්තූතියි දුවේ.
@ Malisha ;
ReplyDeleteබොහොම ස්තූතියි නංගි.
මේ මගේ අලුත් බ්ලොග් එකට එන පාර. ඉඩක් තියේ නම් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න..
ReplyDeletehttp://wehimandarama.blogspot.com/
-වර්ෂා..