ඔබ ආවේ නෑ!
ඔබ ආවේ නෑ!
වෙරළත සිඹිනා සයුරු රළ මෙන්
පොළව සිඹිනා වැහි පොදක් සේ
තුරු හිස සිඹිනා හිරු කිරණ සේ
මල් පෙති සිඹිනා බඹරකු සේ
කවදා හෝ ඔබ එතැයි කියා
බලා සිටියා පෙරුම් පුරා
මා හද මඬල නුඹ සිඹියි කියා
රූ සිරියෙන් හද මත්වී තිබුනා
පංච කල්‍යාණියක සේ
සසර පුරා සෙව් ඔබවම සෙව්වා
හංස රාජිණියක ලෙසේ
අද එතැයි ඔබ හෙට එතැයි ඔබ
බලා සිටියා මම හිරිමල් යෞවනයේ
හිමි වෙතැයි නුඹ මටම කියා
දිනපොත පෙරලී කොළ බොඳවීලා
සුන්දර මතක පොතේ
කොහේ කොතනක හිඳීදෝ ඔබ
පැතූ පැතුම් පුරවා ළය මඬලේ
විමසමින් හද සිටියා නොසැලී
මේකුළු පව්ව ලෙසේ
ඔබ ආවේ නෑ මා සිත් සයුරට
ඔබ ආවේ නෑ මා අත ගන්නට
රූ සිරි වියැකෙයි දෑතින් ගිලිහෙයි
හද වීනාවේ වෙන තත් බිඳිලා
අද මිය ගිය යෞව්වනයේ
උදා නොවූ වසන්තය..!
ReplyDeleteවියැකී ගිය බලාපොරොත්තුවක් සමඟම උදා නොවුන වසන්තය...අපූරුවට පද වලින්. ලස්සනයි චාන්දි අක්කා :)
ReplyDeleteලෙඩක් නේ අප්පා කෙලින් දාන්න බැරි ද මේ ප්‍රතිචාර අපට.. මේ කවිය ගැන මට වෙන අදහසක් තියෙන්නේ... නිකං වැඩේ දීල පැනල ගිය එකෙක් ගැන වගේ... හරිද මන්ද
ReplyDeleteබිඳුන බලාපොරොත්තුවක් !
ReplyDelete@ චන්දන,
ReplyDeleteඔබ හරි මල්ලි.
@ ලිහිණි;
ReplyDeleteස්තූතියි! නංගි.
@ දේශකතුමා;
ReplyDeleteමොකක්ද ප්‍රශ්ණේ? මට ඔබතුමා කියනා දේ නොතේරේ.
ඔබට ඕනේම අදහසක් දෙන්න පුළුවනි නේ දේශකතුමා. ලියන එක නේ මම කරන්නෙ. අදහස් දීම පාඨක ඔබ අතේ.
@ රෙහානි,
ReplyDeleteඔව්, නංගි එහෙම තමයි. කාලෙකට කලින් ලියපු දෙයක්.
ලස්සන පද පෙළ අක්කේ ..කවදත් වගේ ගීතයක ගතිය දැනුනා
ReplyDeleteලස්සන පද පෙළක්....
ReplyDeleteමං හිතන්නේ චන්දි අක්කා, දේශකයා කියන්නේ කමෙන්ට් එක පෝස්ට් එකට යටින්ම දාන්න පුළුවන් වෙන්න හදන්න කියල. මේ තෝරලා තියන්නේ ෆුල් පේජ් කියන එකනේ. මෙහෙම තියන කොට කමෙන්ට් කරද්දී අපිව වෙනම පේජ් එකකට යැවෙනවා නේ. එම්බෙඩඩ් දාපුවම එහෙම නෑ.
ReplyDeleteDash board > settings > posts and comments > comment location වලට embedded
@ චන්දන;
ReplyDeleteබොහොම ස්තූතියි! චන්දන මල්ලී. ඔන්න මම හැදුවා.
බොහෝම කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා චාන්දි අක්කේ . .
ReplyDeleteමේ කවිය අපූරුයි ඇත්තෙන්ම හිමි නොවූ පෙමක මතකයක් හරි අපූරුවට ලියලා තියෙනවා.
පොඩ්ඩක් එහා මෙහා කරලා ගත්තා නම් සිංදුවකට කියාපු පද පෙලක් . . .
දුමීගේ යාලුවෙක් එක පාරක් කිව්වා සිංදුවලට ගැලපෙන ලස්සන ඒවා දක්කොත් එයාට එවන්න කියලා.
එයාට යවන්න කමක් නැද්ද? (මම දෙකක් යැව්වා හැබයි තාම සද්දයක් නෑ . . මනුස්සයා අම්බානක බිසී . . අකමැති නැතිනම් යවල තියමු කැමති කාලෙක තනුවක් දාන්නේ නැතැයි.)
මටති කියන්න තියෙන්නේ මේ කවියට එහා ගිය ගීතවත් බවක් රැදිල තියෙනවා. කවියට වඩා ගී පදමාලාවකට සමීපයි. අදහසත් ගීතවත්.
ReplyDelete@ දුකා;
ReplyDeleteඅකමැත්තක් නෑ මල්ලි. ඔයා යවන්න. ආවේ නැති උනාට අමනාපයක් නෑ කිසිම. දන්නවනේ වැඩ රාජකාරි. අපේ අයියා අබුඩාබියේ දහම් පාසැලේ සයිට් එක එවා තිබුනා හරිම සතුටුයි එය දැක්කහම.
@ දයානන්ද රත්නායක;
ReplyDeleteබොහොම ස්තූතියි දයානන්ද මල්ලි. ඉක්මන් සුව පතනවා! ඔයාට සෙනෙහසින්.
ඔබතුමිය අපූරු කිවිඳියක් නෙවෑ
ReplyDeleteපුපුරු ගහන වේදනාවක් වචන වලට නගල තියන හැටි!
ජය!
අවන්කවම මම කවි ගීත වලට ආසා කරන කෙනෙක් නෙවෙයි නමුත් මම දන්නේ නැහැ මේ ලඟකදී ඉඳල මේ බ්ලොග් අවකාශයේ තිබුණු නිර්මාණ කිහිපයක් මම බොහොම ඇලුම් කරන බව තේරුනා මම ඒ නිර්මාණ කරුවොන්ටත් කිව්වා ඒ ගැන. ඔබතුමියගේ මේ පදපෙල මාව නිකං මොකක්ද මෙව්වා කරලා දැම්මා අම්මපා ඔව්. ආයෙමත් මේ කියවනවා කොමෙන්ට් කරන ගමන් :)
ReplyDeleteහැබැයි තව දෙයක් විරහවේ ඇති අමිහිරිබව මතක්වෙද්දීත් බයහිතෙනවා අප්පා....................
ReplyDelete@ තිස්ස දොඩන්ගොඩ ;
ReplyDeleteස්තූතියි ! තිස්ස මල්ලි. විරහව කාටත් පොදුයි නේ.
@ කෝරලේ මහත්තයා;
ReplyDeleteවිරහව කාටත් දුක් ගේනවා නේ. ස්තූතියි මේ පැත්තෙ ආවට.
ලස්සනයි..
ReplyDelete