පින් පුරවන මව්වරුනේ පින් පුරවන පියවරුනේ
පින්
පුරවන මව්වරුනේ පින්
පුරවන පියවරුනේ
සසුනඹරේ
දිලෙනා තරු දන් දී පින් පුරවන මව්වරුනේ
කහවත
දරලා දරුවන් යන සැටි බලා හිදී පිය
වරුනේ
ගිහි
ගෙය හැරදා උන් යන මොහොතේ කඳුළු වරන මව්වරුනේ
දරුවන්
ගේ දුක් කඳුළු පිසින්නට පියවරු හිටියා නෙතුපිය අතරේ
දරුවන් ඉපදී මියයන මොහොතේ ඒ
දුක ඉවසා මහමෙර සේ
පියවරු
හිටියා ඒ දුක් ඉවසා මව්වරු
හිටියා අනන්ත සසරේ
මව්වරු
සිටියා පියවරු
සිටියා දුක
දරාන ඉපිද ඉපිද යන මේ සසරේ
දරුවන්
සඳහා කරුණා මෙත පා කඳුලැළි පිසිනා මව්වරුනේ
දහදිය
වගුරා සැම සැප සදලා සෙනෙහස වපුරන පියවරුනේ
මව්වරු
පියවරු සසර පුරා දරු දුක ඉවසා නොසැලී හිඳිමි
නේ
බෝසත්
ගුණ වපුරා පින් පුරවන මව්වරුනේ
පින් පුරවන පියවරුනේ
මව් පිය ගුනට සමකල හැකි අන්කිසිවක් නැත මෙලොවේ...
ReplyDeleteනමුත් කරුමෙකට වගේ බොහෝ දෙනෙක්ට අමතක වෙන කාරණයක් තමයි මේක
කෝරලේ වලව්ව
දුක සැප දෙකේදීම වෙනසක් නැතුව ළඟ ඉන්නේ දෙමව්පියෝ නේ. දැන් නම් මේ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වෙමින් යනවා ද කියලත් මට හිතෙනවා. දරු, දෙමාපිය දෙපාර්ශවයෙන් ම.
ReplyDeleteමව් පියනට වඩා දෙයක් මේ ලෝකේ නෑ කියලමයි මට හිතෙන්නෙ. අවාසනාවට මට කතා කරන්න ඉතිරි වෙන්නෙ මව් ගැන විතරයි... පද ටික අපූරුයි චාන්දි අක්කා..
ReplyDeleteඅපූරු පද පෙලක්..තනුවක් දාන්න උත්සාහ කලේ නැද්ද?
ReplyDeleteඅර උඩම තියෙන සිතුවම හරිම ලස්සනයි..
ReplyDeleteමේ පද ටික ගීයක් වගේ.. කියවන විට හිතුනේ රඹුකන සිද්ධාර්ථ හිමියන්ලිව්වා වගේ හැඟීමක්.
සංවේදී !
ReplyDeleteජය වේවා !
මව් පියන්ගෙ ගුණ සුවඳ සසරෙන් සසර ලියැවෙන අරුත් සංවේදී සිතිවිලි එලිදැක්මක්..!
ReplyDelete@ කෝරලේ වලව්ව;
ReplyDeleteඒ සෙනෙහසට සමකරන්න කිසිම දෙයක් මේ ලෝකෙ නෑ. මේ කවිපන්තිය ලියවුනේ සසුනට තම දරුවන් දන් දීල ඒ දුක උහුලා ඉන්නා මව්පියන් වෙනුවෙන් හා තමන් ජීවත්ව ඉන්නැත්දි තම දරුවන් මියයනවා දැක ඒ දුක් උහුලා ඉන්නා මව් පියන් වෙනුවෙන්.
@ චන්දන ;
ReplyDeleteඇත්ත මල්ලි, කාලෙ දැන් වෙනස් වෙලා. ඒ උනාට අපි අපිට පුළුවන් ලෙස ලෝකය ලස්සන කරන්න උත්සාහ කරමු. එක් එක් කෙනා හැඳුනහම ලෝකෙ ඉබේම හැදේවි. ඔබ පිය පදවිය ලැබුව දිනෙක ඔබ ඒ දරුවන් හොඳින් හැදුවොත් ඒ අය ලෝකෙ ලස්සන කරාවි. අපේ දෙමාපියන් අපිව හොඳට හදාගත්ත නිසානෙ අපි මේ දේ දකින්නෙ. ඔයාල හොඳ හදවත් ඇති දරුවන්. ඒ දේ දිගටම තියාගන්න . ඒක තමයි අපිට තියෙන සතුට.
@ ලිහිණි;
ReplyDeleteස්තූතියි! ඔයාගෙ තාත්තා ඔයා දිහා බලා ඉන්න බව විශ්වාස කරන්න. ඒක ජීවිතේට ශක්තියක් වෙයි. අපිට හැම දේම සාදාකල් තියාගන්න බෑ. එහෙම තමයි, කෙනෙක්ට දරුවො නැතිවෙනවා, දෙමාපියන් නැතිවෙනවා, සහෝදර සහෝදරියන් නැතිවෙනවා, එහෙම තමයි. ඒවා තුලින් ජීවිතේ දකින්න. ජීවිතේ විඳින්න.
@ රූ......;
ReplyDeleteස්තූතියි රූ. එහෙම කල්පනාවක් ආවේ නෑ.
@ දයා මල්ලි;
ReplyDeleteඅනේ, ඒ තරම්ම මම හිතන්නේ නෑ හොඳයි කියල. මේක ලියැවුනේ සසර දුක උහුලා ඉන්නා දෙමාපියන් ගැන හිතලයි. මගෙ බාප්පාගෙ පුතා ගිහි ගේ හැර ගියා. ඒ දුක උහුලා ඒ අය හිටියා. මගේ අම්මයි , තාත්තයි මගේ නංගී මිය යත්දි ඒ දුක උහුලා හිටියා. මේ සසර දුක දෙමාපියන් ඉපදෙන හැම ආත්මෙකම විඳින්න ඇතිනේද කියා හිතුන සිතුවිල්ල තමා මේ.
@ sAm;
ReplyDeleteස්තූතියි,සෑම්.
@ නන්ඳු;
ReplyDeleteබොහොම ස්තූතියි! නන්ඳු.
මව්පිය ගුන නිම නොවේමැයි. හොඳ නිර්මානයක්
ReplyDeleteමැණික්
මාර විදිහට හිත නිවෙනවා මේක කියවද්දී...බලද්දී...සතුටුයි මාර විදිහට....
ReplyDeleteඅම්මා තාත්තා තරම් වටින දෙන්නෙක් ලෝකෙ කොහේවත් නෑ නැන්දි.ඉන්නවා නම් ඒ මගෙ ආච්චිඅම්මත්,පුංචිඅම්මත් විතරයි.අපි බාහිර අයට කොයි තරම් ආදරය කළත් අම්මා තාත්තා වගේ ලෝකෙ වෙන කවුරුවත් අපිට ආදරය කරන්නෙ නෑ.ලස්සන පදපෙළක් නැන්දි.
ReplyDelete@ මැණික්;
ReplyDeleteස්තූතියි මැණික්. මව් පිය ගුණ කියා නිම කරන්නට නම් බැහැ තමයි නංගි.
@උමා(දසුන්) ;
ReplyDeleteහිත නිවෙනා බව දැන ගත්තාම සතුටුයි උමා.
@ වර්ෂා ( Rain_Girl );
ReplyDeleteබොහොම ස්තූතියි දුවේ. ඒක ඇත්ත, ඔයාට වාගේම මගෙත් පුංචි අම්මලා හා ආච්චි අම්මා ගොඩාක් මට ආදරය සෙනෙහස දුන්නා. ඒ නිසාම තමා මා අද මේ තත්වේ ඉන්නෙ. ඒ හැමටම පිං.
හරිම ලස්සන පද වැලක්.... කියවද්දී එන්නේ අමුතුම හැඟීමක්...!
ReplyDeleteබොහොම ස්තූතියි! සුපුන්.
ReplyDeleteඇයි මේ හුඟක් දවසකින් දකින්න නැත්තෙ නැන්දව?
ReplyDelete@ ගංඟාවේ ගීතය;
ReplyDeleteඅසනීපෙන් හිටිය දුව. තාම බෙහෙත් කරනවා. බොහොම ස්තූතියි සොයා බැලුවට.
'සිත නිවන පියුම් විල'ට ගොඩ උනාම කාලෙකින් නොදකින්න හේතුව දැක්කා.නැන්දාට ඉක්මන් සුවය සහ සිතේ සැනසීම මුලු හිතින්ම ප්‍රාර්තනා කරනවා. බිය වියයුතු නෑ. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබෙනවනෙ.
ReplyDeleteනැන්දාට තෙරුවන්ගේ පිහිටත් ආරක්ෂාවත් නොඅඩුවම තියෙනබව විශ්වාසයි.
අනුන්ගේ දුකට සංවේදී වෙනවා කියන්නේ ඒ පුද්ගලයා හරි කරුනාවන්ත හිතක් තියෙන කෙනෙක් කියන එකයි. හැමෝම එහෙම නැ. පාරෙ කෙනෙක් මැරිල හිටියත් වාහනේ නවත්වන්නෙ නැතුව යන අවස්ත අපි ඕඑන තරම් අහල තියෙනවා. කවි ටික ගීතයක් වගෙයි.
ReplyDelete