ආදරයේ දෙව්දුව!
පාට පාට සළු ඈ ගත සැරසූ
සමනළ් තටු වල තවරා ගිහින්
ඈ ගත සුවඳින් මා හද සැනසූ
අතු අග මල් මත තබා ගිහින්
සියුමැළි දෙතොලේ පහස මට දුන්
මල් පෙතිමත ඈ තබා ගිහින්
මුදු මුදු සුළගේ ලෙල දුන්
කෙහෙරැල්
නුග අතු මත ඈ තබා ගිහින්
දිදුලන මුවමත රැන්දු
සිසිලෙන්
ගඟ දියම ඈ පුරවා ගිහින්
මා හද මියැසිය මන්මත් කරවූ
වෙණ තත් මත ඈ තබා ගිහින්
නෙක හද තරු මල් ගැන කියමින්
ඈ ගැයූ ගී කෙවිලියක ලඟ තබා
ගිහින්
මා නෙත් සදහට පිරවූ කඳුලින්
වැහි බිඳු එකිනෙක ඈ පුරවා
ගිහින්
මතක පොතේ පිටු පෙරළන වාරේ
පරිසරයම ඈ පුරා ගැටෙයි
කඳුලක හිරවුන සෙනෙහස පුරවා
නො එන ලෙසට ඈ නික්ම ගිහින්.
මුළු ලොව ඇයටම පෙම් කළ කාලේ
ReplyDeleteසෙනෙහස මා ළඟ තියා ගිහින්
සැමතැනකම ඇය සිටිනා වාගේ
මතකය මා ළඟ තියා ගිහින්
ලස්සනයි සුපිරියි
ජයවේ චාන්දි!
අගෙයි... කවි ටික ලස්සනයි
ReplyDelete@ Warna Kulakaya,
ReplyDeleteබොහොම ස්තූතියි! ලස්සන පැදිපෙලකින් වර්ණවත් කලාට.ජයම වේවා! ඔබටත්.
@ කුරුටු ගෑ ගී පවුර,
ReplyDeleteබොහොම ස්තූතියි! ජයම වේවා!
ප්‍රේමය කවකිය කිසිදා නොසිඳෙන
ReplyDeleteදුර යන මුත් හදගින් අත නොහැරෙන...
කාලෙකින් ආවෙ චාන්දි නැන්දේ... ආයෙත් ඔන්න බ්ලොග් කියවන්න පටන් ගත්තා
ඔව් කාලෙකින් දුව. දැන් ලියන්නෙ නැත්ද? සනීපෙන් ඉන්නවද? මයෙ දුවට ජයම වේවා!
ReplyDelete