Posts

සොඳුරියේ!

Image
සොඳුරියේ! බිළිඳු මුවක කිරි සිනහව රැඳු න ඔබේ තොල් පෙති මත මුව තියන්න ආසයි මට සොඳුරියේ මල් යායෙම සුවඳ අරන් සුවඳ රෝස මලක් වෙලා ඔබේ වතට සුවඳ දෙන්න ආසයි මට සොඳුරියේ සීතල හිම සීත අරන් පවන් රොදක පැටළිලා ඔබේ වතේ දැවටෙන්නට ආසයි මට සොඳුරියේ මේකුළු සේළයක් වෙලා හීන් සැරේ වත එතිලා හිමින් ළයට තුරුල් වෙලා තරු කැටයක දිස්නෙ අරන් ඔබෙ නෙතු යට හැංගීලා ආසයි මට හැඩ බලන්න මගෙ ආදර සොඳුරියේ පාට පාට මල් ගොමුවක දොඩමළුවී ඔබෙ අත ගෙන දේදුනු පාළමෙන් එගොඩ අනන්තයේ සොඳුරු ලොවක මල් යායක සැතපීලා සෙනෙහස් මිණි කිරුළ දරා අපේම ලොව තනිවෙන්නට ආසයි මට සොඳුරියේ
Image
මගේ උරුමය! ලා දළු බෝ පත් සැලි සැලි සුළගේ සෙත් පිරිතක් අප සැමට ගයනවා සිත සනසන්නට මේ පින් දෙරණේ ව්කසිත කුසුමන් සුවඳ හමනවා සමන්ගිරේ සිට එන මුදු සුළඟයි අනුරපුරේ ඇති මහ බෝ සෙවනයි දළඳා සිරියෙන් ඇළලෙන නුවරයි මහියංගනයේ බුදු පා පහසයි දකින දකින තැන වෙහෙර ව්හාරයි හද සනසාලන දම්සක් සුතුරයි නිබඳ කෙරෙන දන් පින් බෝමයි උපන් බිමේ මේ හැම දේ උරුමයි පෙර සංසාරේ කල පින් බෝමයි එ පින් බලෙන් ඉපදුනෙ ලක්බිම මයි සදා රකින්නට ඒ බිම උරුමයි නිවන් ලබන්නට හැකි නම් මෙහිමයි

ප්‍රිය හිමියන්ට!

Image
ප් ‍ රිය හිමියන්ට! මාගේ හිමියනි දුන් දරු තිදෙනා පින් ලැබ ගනු බුදුබව ලඟ බැවිනා නැත අන්සරණක් ඔබ හැර ම ’ වෙතා රැක ගනු මැන මා පින්බර පුතුනා කරුණා මෙත්මල් පිනිදිය අතුරා අතහැර යනු බැරි ඔබ හිත මිතුරා හදේ නැගෙන කරුණා දිය දහරා අතුරමි ඔබගේ හදවත පුරවා ගෙවූ සසර මග දිගු බව දැනුනා යන්ට ඇති මගත් දුර බව පෙනුනා බුදු සිසිලස අප ලද බව හැඟුනා එක්වම එමි නිවනට මඟ හඳුනා පැවතුම නැති බව වැටහී සොඳිනා සිත සනසා ගමි දිරි ලැබ පුතුනා ඔබගේ ගුණයන් මඩයට පිපෙනා සුදු පියුමක් බව වැටහී සැනිනා යශෝදරා මෙන් සසරෙහි සරනා හිමි ඔබ බැතියෙන් ළය කිරි එරුනා ඒ කිරිබිව් මගෙ හිමි සඳ කරුණා බුදු වන්නට මතු විවරණ දුන්නා හැම කුලගෙයකම පතිනිය වී මා මව්වරු පියවරු දරුවන් බෝ මා මතු බුදු වන්නට විවරණ දුන් මා හිමි වරුණට වෙන කවුරුද පෙම්මා විවරණ ලද ඔබ මතු සංසාරේ බුදු වෙනවා ඇන්දා හද මැදුරේ මෙත් දිය පිරිලා නෙත් දිය අතරේ සැනසෙමි ඔබ ලඟ අම සුව මිහිරේ...........

පෙම්බරා!

Image
පෙම්බරා! මගේ නෙතු පිය යටම හිදම්න් දිවා රෑ දෙක නෙතට ඉඟි කර සතුටෙ කඳුලේ හැංගිලා අතනොහැර මා සමගම ඉන්නා පෙම්බරා මගෙ පෙම්බරා නෙතට දෙන රසඳුන් අමා නින්ද අතහැර ගියෙ සදා සතුට හා දුකම මේ යැයි පෙන්නා දුන් මා ම්තුරියයි පෙම්බරි මා පෙම්බරි හිත ගාව හැංගී සෙනෙහස පුදම්න් සෙවනැල්ල වී මාගේ ලොෙවී යනෙන තැන් වල තනිය මකම්න් ඉන්නෙ දෝ මා පෙම්බරා පෙම්බරා මගෙ පෙම්බරා සුවඳ රැඳිලා ඔබගෙ සේලේ එතී ඉන්නට ගතේ දැවටී සැලෙන සුළඟට නොමසැලී ඉන්නෙම් මම පෙම්බරි පෙම්බරි මා පෙම්බරි