Posts

ආදරනීය මලීෂා. 1

Image
මේ කතාව මා ඔබට කියන්නේ මලීෂා නම්වූ ලොව මට හමුවූ කරුණාවන්තවූත් , සුන්දරමවූත් ගැහැනිය පිළිබඳවයි .  ඔබට මෙය අමුතුම මාදිලියේ කතාවක් වනු ඇත . ඇය මගේ පියාගේ පළමු පෙම්වතියයි . මුලින්ම මේ තේරුම් ගැනීමට ඔබට සැම්බියාව නම් වූ සුන්දර අප්‍රිකානු රටට යායුතු වේ . මගේ සීයා ගේ නම ලුකෝනා බන්ඩාය. සීයා ඉපදී ඇත්තේ කසාබා බේ නම් වූ සුන්දර ටැන්ගනිකා විල් තීරයේය. ටැන්ගනිකා විල මහා සාගරය තරම්වූ විශාල විලකි. නේක විධ මත්සයන් ගෙන් පිරි සුනිල්වන් දියෙන් පිරි මේ විලෙහි භයානක කිඹුලන් ද ගහනය. මගේ සීයාගෙ ඇසක් අන්ධ වූයේ මෙහි පිහිනීමට ගොස් කිඹුලෙකු විසින් කා දමා බව මම අසා ඇත්තෙමි. සීයා කුඩා කල සිදුවූ මෙම අනතුරින් පසුව ඔහුට හරියාකාරව ඉගෙනීමක් ලැබී නැත. මුහුනේ ඇතිවූ විශාල සීරීම් කැළලක් හා පාදයකට සිදුවූ අනතුර නිසා මදක් කොර ගසමින් ඇවිදින්නට ඔහුට සිදුවිය. මේ කාලයේ තැනින් තැන ඇවිදිමින් කල්ගෙවන්නට ඔහුට සිදුවී ඇත. මේ අතර තුර පටේල් නම්වූ ඉන්දියානු ජාතික මහතෙකු සීයාට හමුවී ඇත. මේ හමුවීම ඔහුගේ මෙන්ම පවුලේ අන් අයගේ ද ජීවිත වලද මහත් වෙනසක් ඇති කලේය. මගේ සීයා ලුසාකා නගරයට පැමිණ ඇත්තේ මේ හමුවීමෙන් පසුවය. ...

ආදරයේ දෙව්දුව!

Image
පාට පාට සළු ඈ ගත සැරසූ සමනළ් තටු වල තවරා ගිහින් ඈ ගත සුවඳින් මා හද සැනසූ අතු අග මල් මත තබා ගිහින් සියුමැළි දෙතොලේ පහස මට දුන් මල් පෙතිමත ඈ තබා ගිහින් මුදු මුදු සුළගේ ලෙල දුන් කෙහෙරැල් නුග අතු මත ඈ තබා ගිහින් දිදුලන මුවමත රැන්දු සිසිලෙන් ගඟ දියම ඈ පුරවා ගිහින් මා හද මියැසිය මන්මත් කරවූ වෙණ තත් මත ඈ තබා ගිහින් නෙක හද තරු මල් ගැන කියමින් ඈ ගැයූ ගී කෙවිලියක ලඟ තබා ගිහින් මා නෙත් සදහට පිරවූ කඳුලින් වැහි බිඳු එකිනෙක ඈ පුරවා ගිහින් මතක පොතේ පිටු පෙරළන වාරේ පරිසරයම ඈ පුරා ගැටෙයි කඳුලක හිරවුන සෙනෙහස පුරවා නො එන ලෙසට ඈ නික්ම ගිහින්.

වසත්කල මනමාලි !

Image
මේ   එරබදු   මල් මාසේ  වසන්තයේ මල් දෝත දරා කෙනෙක් ඇවිත් හද මඬලට එබිකම් කරයි හිමිහිට හොරෙන්  හරින්නට පියන් දොර සෙමෙන් කිතිකවන හද මඬල ආදරෙන් විමසයි සොඳුරු රුව නිරන්තර  හැපමින් නිතර සුළග සේ දැවටෙමින් පිපි එන කොඳ කැකුළු බලයි ලැජ්ජාවෙන් බිමට යොමා නෙතු කෙවිලියගෙ ගී දැහැන ගොළු වි නිදයි අතු පතර සැගවී හොරෙන් ඈ ගෙ ස්වර දැහැන බිඳියි මා සිත් දැහැන නිරන්තර  නාද දෙන දුරකතන ඇමතුමෙන් වසත්කල මනමාලි සරයි හද මඬල වට

පෙරමග බලන පෙම්වතිය!

Image
රැය පුරා නිදි නොමැති මගේ සිත පෙමින් බරව හිඳී නෙතු නොපියාම හීන් හිරි පොදක් සේ ගතම හිරි වට්ටාම  සියොලඟම ඔහු සෙනෙහෙන් පුරවාම තවත් එක් දිනක් ගෙවන්නට සිරියහන  පාළුවෙන් පුරා ඇතත් සිතුවම් කරන  සඳරටා වට විවර වුණු කවුළුවට පොර බදින සීත සුළඟට දැවටෙන   මුළුගතම හිරි බිඳින තවත් එක් ඇසිල්ලක  නොඉවසිලි රැයක් ගෙවෙයි එක් මොහොතකට පෙම්බරා ඇත මඟ බල බලා මා රැගෙන යන්නට  ඔහු සොඳුරු කැදැල්ලක සුව යහන සදන්නට උදාසන හිරු කිරන වැටී එන සීරුවට නෙතු පියන් විවර වන තවත් එක් දිනක   මිදී ඔහු පහසින් එන්නට ලොබ කරන නොවෙනස්ව සෙනේහෙන් ජීවිතයම ගෙවන ඔහුත් හිදී මා මෙන් නිදි වරමින ඉගිලෙන මොහොතක් ඇත හිමිදිරියේම ඒ සුමුදු පහසට ඔහු තුරුලෙහිම පෙරමග බලා සිටී මා ප්‍රියයාණ

පිනි කුසුම

Image
හිත් අහසට වැටෙන පින්නෙන් විකසිත වෙන ආදර මල මුදු සුළගේ සැලී දිලෙයි හිනා පපා ඔබේ දෑසට පින්න පිපී ඔබේ මුහුණ  දිලෙයි දිලෙයි නෙක පාටින් සිපගන්නට හරි ලෝබයි වියැකේවි ඒ පිනි කැට රෑ අහසේ රන්තරු කැට  සේ දිලෙනා ඔබෙ නෙත් යුග කදුළක් මතුවී පෙනේවි නික්ම යන්න කලින්ම මට    රෑ කළුවර මකාලන්න  දෙන්න දෙන්න සඳ මුහුණත සදා ලඟින් රැඳී ඉන්න සෙනෙහෙ ගඟක් වෙලා ම'සිත

පොඩි සාදූ

Image
පිල් දොරකඩට වැඩලා අද පොඩි සාදූ නෙත් කඳුලින් පිරේ වාවනු බෑ ම'සිත දෙන්නට යමක් ගේ හරියෙම නෑ තියෙන දරන්නේ කෙලෙස මගෙ දරු පැටියා පැමිණ සංසාරේ ගෙවා මෙපමණ කල් ආවා ද මේ දුක් ගිනි  ඉහිලිය නොහැකි වි ද අත් හැර ගියේ ගිහි සැප හිරිමල් වියෙ ද අප මුදවන්න මේ  සසරේ කවදා ද අතගා බැලූවෙමි රෑ බත් හැලිය වේලිලාය උදයට හැදූ කැඳ මුට්ටිය පතුලේ ය අප්පච්චී නැති උන දා සිට මෙලෙසමය දන් දුන්නේ පන්සලට නු ඹ  ඒ හන්දාය පාත්තරය මෑත් කර මා  දුන්න කෙසෙල් ගෙඩිය පිළිගෙන තුටින බත් හා මාලුපිනි ටික ටික ගෙන සොඳින දෙන්නේ නුඹ  මල්ලිලා දෙන්නට දෙන්න කඳුළු වැටුන පාත්තරය අතට ගෙන ආපසු හැරුණි පන්සල වෙත යන්න ඇයි  අම්මට උනේ මේ දුක උහුලන්න උර දීපන් පුතේ සසරින් ගොඩ එන්න

ප්‍රේමයේ මාවත

Image
මගෙ හිත ඔබ ලඟ ඔබෙ හිත මා ලඟ දෙදෙනා දෙතැනක පෙම නැවතුන තැන ඔබ ලඟ මා නැත  මා ලඟ ඔබ නැත දෙදෙනට හිමිවූ  කැදලි දෙකක් ඇත සෙනෙහස පුද දෙන  දූ දරුවන් ඇත පෙම්බර බිරිඳකි යහපත් සැමියෙකි රාග හිතක්  නැත  ද්වේශ හිතක් නැත මිතුදම පමණක්  ඉතිරිව ගොස් ඇත වෙනස් කමක්  නැත හිත් රිදවා නැත දෙදෙන ම  සැනහෙන  සෙහෙනෙ විලක් ඇත සසර බැඳුන බැමි බිඳලනු නොහැකිව මතකය පමණක්  මිහිදන් වනු ඇත