Popular posts from this blog
අවුකන හිද .
කලා වැවේ දිය මතුපිට නැගෙන රිදී බුබුලු දිහා බලා අවුකන බුදු පිළිම වහන්සේ කදුළු හෙලයි නිසල නෙතින් වනය දිහා බැලුම් හෙලා සංතාප හදවතින් එකින් එක කැපෙනා වනස් පතිය දිය සිදී යන වැව් දියවර දෙස බලා බුදු පිළි රුව නිහඬ මුවින් සංතාප හදින් බලා හිදී සසල නෙතින් දිනෙන් දින අහිමි වෙන සිසිලස සිදී බිදී යන මහා ජලාධාරාව අහිමි වී යන සත්ව ප්රජාව බලා හිඳ බුදු මුවින් සැලෙයි අනියත දහම් බිඳක් මනුසතා උදෙසාම චාන්දි.
අපි හැමෝටම ළමා කාලයක් තියෙනවා. ඒ කාලෙට ආයෙත් යන්න පුලුවන්නම්, කියල හිතුන වෙලාවක ලියපු පද පෙලක් මේ. කොයි තරම් සුන්දර අතීතයක් මගෙ ගමේ අපිට තිබුනද, ඒ දේවල් මගෙ පුතාලට නොලැබුණු එකට පුංචි දුකක් මට තියෙනවා.
ReplyDeleteඅක්කට ලස්සන ළමා කාලයක් තිබිලා. හරි වාසනාවන්තයි.
ReplyDeleteඇත්ත නංගි, මගෙ ළමා කාලය හරිම සුන්දරයි. ඉස්සර බොරලැස්ගමුව, වේරහැර හරිම ගම්බද පරිසරයක් තිබුනෙ. වෙල් යායවල්, රබර් වතු, දොල පාරවල් ,පැත්තකින් ගඟ. මතක් වෙන කොටත් ආසයි. වැදගත්ම දේ අපිට ඒ පරිසරය රිසි සේ විඳගන්න වැඩිහිටියො ඉඩ දීපු එකයි කියල මට හිතෙනව.
ReplyDeleteනංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ... ලැබුනොත් බෑයි නොකියා දෙවරක් නොහිතා එක පිම්මේම කවුරුත් දුවන්න කැමැති බාල කාලේ.
ReplyDeleteඒත් වෙනස් වෙන ලෝක ස්වභාවය නිසා වේගයෙන් වෙනස් ව ඇති අද පරිසරය වත්මන් දරුපරපුරට මොනතරම් දුරට ඒ වටාපිටාවක් දෙනවාද. එවන් පරිසරයක් තිබුනත් අද දරුවන්ට කෝ විවේකයක් බාල ලමා විය රසවිඳින්න?
ලස්සන ලමා කාලයට අරන් ගිය නිර්මාණයට බොහෝම ස්තුතියි අක්කේ.