ආදරණීය මලීෂා - 8 වන කොටස.
වනය තුළ යම් තරමට සිසිලසක් ගෙන දෙන වන ගහනයක් තුලට අපි පිවිසියෙමු. කොල පැහැති විශාල ගස් එකිනෙකට ලංව පිහිටා තිබිණ . සැම්බීසි ගං කොමලිය පැත්තකින් නිහඬ ව ගලා බසී. සරුසාර පස නිසා මේ දෙපස විශාල ලෙස ගස් පිහිටා තිබේ . සැම්බියානුවන් වශයෙන් අපි අපේ රට ගැන ආඩම්බර වීමු . මේ නිසාම විදේශිකයන් මේ නගරයන් හි සංචාරකයින් ලෙස ගැවසෙන බැවින් අප රටට විශාල විදේශ විනිමයක් ලැබුණි . ගහකොළ ට ආදරය කිරීමේ පුරුද්දත් , ඒවා රැක ගැනීමේ පුරුද්දත් අපිට පාසැලේ විෂයයන් තුළින් ම ලැබුණි . සෑම අප්රිකානු වෙකුගේ හදවතේ තමන් අප්රිකානු වෙකු බවට අභිමානයක් තිබේ . ඒ හැඟීම අපේ ලේ තුලට කිදාබැස තිබේ . කළු පැහැති සමත් , හැඩිදැඩි ශරීර ශක්තියක් ඇතියවුන් ලෙස අප්රිකානු වන් සැලකේ . පිටතින් අපි එසේ වූවත් බොහෝ දෙනෙක් සංවේදී සිත් ඇති අය බව ඔබට කිව යුතුය . ඈතින් අලියකු ගේ හිසක් මතුවිය . ඒ අනුව අලි රංචුවක් ලග ලගම ඇති බවට සළකුණු විය . අරුමයක් නොවේ. අලි ඇතුන් විස්සක් පමණ වනයෙන් එළියට ආවේ අපි නොසිතූ පරිද්දෙනි . "ෂා.. ඒක පුදුම දර්ශනය ක්. ලංකාවේ අපිට මෙහෙම දකින්න වෙන්නේ නෑ." මලීෂා ගේ පියා විමතියෙන් කීවේය . මද වේලාවක් අපි ඒ ...

අපේ වහලයේ කූඩු තැනූ නීල කොබෙයි ජෝඩුවට පිදෙන වගයි. උන් ගේ ආදර කතාව හරිම රසවත් වගෙම දුකයි.
ReplyDeleteමේ කතාව අක්කා වරක් කිව්වා මතකයි. සුභ පැතුම් අක්කෙ බ්ලොග් එකට. දිගටම කරගෙන යන්න.
ReplyDeleteහුගක් වෙලවට කොබෙයියන් ඉන්නේ එක කිරිල්ලක් සමග. නමුත් මම මේ දෙන්න වෙන කුරුල්ලෙකු හෝ වෙන කිරිල්ලක් ගෙන ආ බව දැක්ක. මොකක් හරි පුංචි වෙනසක් තිබුන දෙන්නාගේ. ඒ නිසාම මේ නිර්මාණය කරන්නට පෙලබුනේ.
ReplyDeleteලස්සන නිර්මානයක්
ReplyDelete