ආදරණීය මලීෂා - 8 වන කොටස.
වනය තුළ යම් තරමට සිසිලසක් ගෙන දෙන වන ගහනයක් තුලට අපි පිවිසියෙමු. කොල පැහැති විශාල ගස් එකිනෙකට ලංව පිහිටා තිබිණ . සැම්බීසි ගං කොමලිය පැත්තකින් නිහඬ ව ගලා බසී. සරුසාර පස නිසා මේ දෙපස විශාල ලෙස ගස් පිහිටා තිබේ . සැම්බියානුවන් වශයෙන් අපි අපේ රට ගැන ආඩම්බර වීමු . මේ නිසාම විදේශිකයන් මේ නගරයන් හි සංචාරකයින් ලෙස ගැවසෙන බැවින් අප රටට විශාල විදේශ විනිමයක් ලැබුණි . ගහකොළ ට ආදරය කිරීමේ පුරුද්දත් , ඒවා රැක ගැනීමේ පුරුද්දත් අපිට පාසැලේ විෂයයන් තුළින් ම ලැබුණි . සෑම අප්රිකානු වෙකුගේ හදවතේ තමන් අප්රිකානු වෙකු බවට අභිමානයක් තිබේ . ඒ හැඟීම අපේ ලේ තුලට කිදාබැස තිබේ . කළු පැහැති සමත් , හැඩිදැඩි ශරීර ශක්තියක් ඇතියවුන් ලෙස අප්රිකානු වන් සැලකේ . පිටතින් අපි එසේ වූවත් බොහෝ දෙනෙක් සංවේදී සිත් ඇති අය බව ඔබට කිව යුතුය . ඈතින් අලියකු ගේ හිසක් මතුවිය . ඒ අනුව අලි රංචුවක් ලග ලගම ඇති බවට සළකුණු විය . අරුමයක් නොවේ. අලි ඇතුන් විස්සක් පමණ වනයෙන් එළියට ආවේ අපි නොසිතූ පරිද්දෙනි . "ෂා.. ඒක පුදුම දර්ශනය ක්. ලංකාවේ අපිට මෙහෙම දකින්න වෙන්නේ නෑ." මලීෂා ගේ පියා විමතියෙන් කීවේය . මද වේලාවක් අපි ඒ ...
ඉඩ ලැබුන ලැබුන විදියට කොටස් තුනක් හැටියට වන්දනා ගමනේ විස්තර කියෙව්වා. අපිත් වන්දනාවේ ගියා වගේ දැනුනේ (පෞරාණික පූජා නගර පැත්තට ගිහින් ගොඩාක් කල්). බොහෝම රසවත්ව ලියාපු විස්තර ටික, බොහෝම ස්තුතියි අක්කේ අපිත් එක්ක බෙදා ගත්තාට.
ReplyDeleteබොහොම ස්තූතියි! ඩීන් මල්ලි, මේ පැත්තෙ ආව වෙලාවක දැන් නම් ඔයාලට බයක් සැකක් නැතිව ඇවිදින්න පුලුවන්. සාමය තියෙන නිසා වෙන් හිතේ බයක් නැතිව හැමතැනම යන්න පුලුවන්. ඉතින් වාසනාවන්ත අලුත් අවුරුද්දක් පතනවා සිය පවුලටම.
ReplyDeleteචාන්දි අක්කා.