Popular posts from this blog
සෙනෙහස!
කෙතක් වෙලා කුස පිරුවා වැවක් වෙලා පවස නිවා අහස වගේ සෙවන සදා වෙසතුරු සේ දනින් පුදා ඒ සෙවනේ පහස ලබා අපි සැම පෝශණය වුනා මහා විසල් රුකක් වෙලා අව්වැසි සැම එතෙර කලා මවත් වෙලා පියත් වෙලා ලොබක් නැතිව සෙනෙහස පා ලොවම ගෙනත් පා මුලෙහි තබා දුන්න සෙනෙහෙ මහමෙරක් වෙලා හදවත තුල නිදන් වෙලා වැතිර නිදයි බරක් වෙලා දෙනෙත් පුරා ඉතිර ගලා කඩා වැටේ කඳුල වෙලා




මේක කියවන්න කියල ගත්තට මට කියවන්න ලැබුණෙ නෑ, ඉවර වෙන තුරු..
ReplyDeleteලස්සන අත්දැකීමක් වගේ...
ඒත් ඇයි ඉමේජස් විදියට දැම්මෙ කතාව...ටිකක් අපහසුයි කියවන්න එතකොට... කතාව අකුරුවලින් ලියල දාල මැදින් ෆොටෝ ටික එකතු කලානම් කියවන කෙනාට වඩාත් පහසුවෙයි කියල මම හිතනව...
ස්තූතියි නංගියේ දැනුවත් කිරීමට. මම ඒ දේ කරන්න ගියා නම් දින ගනනක් ගතවෙයි ආයේ මේක ලියන්න. කලින් හදල තිබුන නිසා මෙහෙමම දැම්මා. සමාවෙන්න අපහසු උනානම් කියවන්න. ඉවර ඇති වෙලාවක හිමිහිට කියවන්නකෝ. ඉදිරියට මම ඒ දේ කරන්නම් හරියට.
ReplyDelete