Posts

සුන්දර මතක දිගේ

Image
 අපි විවාහ වෙලා මේ ඔක්තෝම්බරයට අවුරුදු  හතලිස් දෙකක්. ඉතිං එයින් අවුරුදු තිස් හතක්  ඔයා මාත් එක්ක ආදරෙන්  හිටිය.   එක්තරා වෙසක් දවසක  සැම්බියාවේ , ලුසාකා නගරයේ  පුරා හඳ පිරි හැන්දෑවක මගෙ අත ඉල්ලපු ඔයා හැමදාම ආදරෙන් ඒ අත අල්ලාගෙන  හිටියෙ බොහොම ආදරෙන්. අපි දෙන්නටම අපේ අත් මඟහැරුණේ නෑ එකම දවසක් වත්. එහෙ ඉන්නැත්දි , හැම තැනම ක්‍රිකට් මැච් වලට පවා අපි ගියෙ එකට. බබාල ලැබෙන්න ඉන්නැත්දි උනත් ඒ අමාරුකම් විඳගෙන මම හිටියෙ ඔයා එක්ක. පැවිලියන් එකේ මම වාඩිවෙලා ඉන්නැත්දි මගේ ලඟින්ම වහලෙ කඩන් වැටෙන්න ගැහුව හයේ පාරවල් මම ආඩම්බරෙන් බලා හිටිය. අදටත් පුදුමයි මට තුවාලයක් නොවී ඔයා එහෙම කරපු හැටි. පුතාල එක එක්කෙනා එකතුවෙත්දි අපේ පවුලට ඔයාගෙ ආදරේ කවදාවත් බෙදුනෙ නෑ. මට තිබුන ආදරේ ගරුත්වය සෙනෙහස හැමදාම එක ලෙස ඔයා ආරක්ෂා කලා.  අපි අප්‍රිකාවේ හැම තැනම ඇවිද්දා. සමහර ගමන් මගෙ ජීවිතයේ ලස්සනම මතක.  ඒ හැම මතකයක්ම මගේ ලෝකෙම සුන්දර කලා. හැම ගමනකදිම මාව දරුවන්ව සුව පහසුවෙන් තියන්න ඔයා උපරිමයෙන් උත්සාහ කලා.  රැකියාව , ක්‍රිකට් එක්ක ඔයා කොච්චර කාර්ය බහුල උනත් අපේ හ...

ආදරය

Image
  නෙතු පියන් යට ඉඳන් බලන හැම මොහොතකම මා ලඟීන්ම සිට මා රකින කෙනෙක් වේ නම් ඒ ඔබය කියන්නම් සෙනෙහසින් වෙන් උනත් යම් දිනෙක අත නොහැර යනු මැනවි මගෙ සුපෙම් හද මඬල මගෙ සයනයේ නුඹ සැතපිලා පැත්තකින් පිරිමඳින කෙහෙ රැළි අතර දුවන අතැඟිලි වලින් ආදරෙන් හිස සිඹින ඔබේ දෙතොල් පෙති අතරින් ගෙනෙයි මට නිතැතින්ම හද නිවන නිරාමිස සුවයක් තිස් හත් වසරක විවාහක දිවියතුල කියා දුන්නේ නම් යමක් ඒ තමයි ජීවිතය ඇසුවෝතින් කෙනෙක් කියන්නම් සෙනෙහසින් ඒ තමයි අප ආදරය දෙයක් වේ නම් මට ඉතිරි ඒ තමයි නුඹේ මහ විසල් ප්‍රේමය තියෙන්නෙත් මතක මැද නොවෙනස්ව බැබලෙමින් හද සනහාලන ආදරය 💅  චාන්දි. 

කවි

Image
නිසල අරණේ පාලු හවසක නුඹ වෙන්ව ගිය වග දනිමි නුඹේ හුස්ම ඒ කලින්  දිනයක වාතලයට මුදා හැරිය බව කියමි නෑ සියන් හා දූ පුතුන් ඔබ අත් හැරියෙ කෙලෙසක දැයි සිතමි හදේ නැගෙනා හීන් රිදුමක සිරවෙලා නිති මා දවන බව දනිමි නිසල අරණේ පාලු හවසක නුඹ වෙන්ව ගිය වග දනිමි හදේ නැගෙනා හීන් රිදුමක සිරවෙලා නිති මා දවන බව දනිමි දුම් කවුළුවෙන් විත් නුඹේ සුසුමක් මා වටා දැවටී සුළන් රැල්ලක හිමින් එතිලා මගෙන් ඈතට විසිර යාවී නෑසියන් හා මගෙන් සමුගෙන එකිනෙකා සිප වෙන්ව යාවී හදේ සෙනෙහින් නිදන්ව ඇති මතක පොදි මැද මා ඉතින් තනි වේවී නිසල අරණේ පාලු හවසක නුඹ වෙන්ව ගිය වග දනිමි හදේ නැගෙනා හීන් රිදුමක සිරවෙලා නිති මා දවන බව දනිමි සසර බැඳි විසල් ප්‍රේමයක අග කොහේ දෝ සොයමි එකින් එක බැඳි පුරුක් ලෙහමින් ටිකෙන් ටික නිවෙමි ඉන්න තැනකට කුසල් පුරණට නිති පමා නොවෙමි එ පින් බලයෙන් සසර කෙළවර හිමියනේ නුඹ දුක් නිමා කරනූ නිසල අරණේ පාලු හවසක නුඹ වෙන්ව ගිය වග දනිමි හදේ නැගෙනා හීන් රිදුමක සිරවෙලා නිති මා දවන බව දනිමි හදේ සෙනෙහින් නිදන්ව ඇති මතක පොදි මැද මා ඉතින් තනි වේවී සසර බැඳි විසල් ප්‍රේමයක අග කොහේ දෝ සොයමි ✍️  චාන්දි .    මේ පැදි ...

අද සැප්තැම්බර් 13

Image
මලක මෙලෙක පෙති අතරේ සැඟවුණු රහසක් සීත පිණි මත ලියැවුණු සුන්දර ප්‍රේම කතාවක් නලියමින් දෑස් මත විසිරුණු විසල් ආදරයක් කෙසේ පවසම්ද හදේ උතුරා යන සෙනෙහසක් 💕💕💕 ✍️චාන්දි.  

අද සැප්තැම්බර් 14

Image
 සඳරේනු හැලිලා මිහිමත කරන ඉඟි බිඟි සෙනෙහෙ දිය වාන් දමම්න් කරන කසු කුසු අසා සිටිනා සියතුනේ ගයන් ප්‍රේමයේ ගී තනු අසන් මා හිමි ආදරෙන් මා හට වයන වීනා තත් සරනු කිමිද නාමි ප්‍රේම දියේ නැහැවී තබා උර මත හිස හොවා සැනහී සැනහෙමි ඔබේ පපුතුරේ සැඟවී නිවෙමි සැනහෙමි එහි තුලම කිමිදී

අවුකන හිද .

කලා වැවේ දිය මතුපිට  නැගෙන රිදී බුබුලු දිහා බලා  අවුකන බුදු පිළිම වහන්සේ  කදුළු හෙලයි නිසල නෙතින් වනය දිහා බැලුම් හෙලා සංතාප හදවතින් එකින් එක කැපෙනා වනස් පතිය දිය සිදී යන වැව් දියවර දෙස බලා බුදු පිළි රුව නිහඬ මුවින් සංතාප හදින්  බලා හිදී සසල නෙතින් දිනෙන් දින අහිමි වෙන සිසිලස සිදී බිදී යන මහා ජලාධාරාව අහිමි වී යන සත්ව ප්‍රජාව බලා හිඳ බුදු මුවින් සැලෙයි අනියත දහම් බිඳක් මනුසතා උදෙසාම චාන්දි.

ආදරණීය මලීෂා 9 වන කොටස.

Image
ඩේවිඩ් ලිවිංස්ටන් මහතා ගේ පිළිරුව.  අපි සියල්ලෝම බස් රථයකින් යලිත් ගම්මානයක් බලා පිටත් වුනෙමු. අපිට අපේ ජාතික ගෝත්‍රික  නැටුම් බලාගැනීමට හැකි වේවි යැයි මගේ ගුරුතුමිය පවසා සිටි හෙයින් අපි ඉතා සතුටින් සිටියෙමු . ගම්මානයේ මැද මිදුලේ අප යනවිටත් ඔවුන් ඒ සංදර්ශනය සඳහා ලක ලෑස්ති වී සිටියහ . වෙස්මුහුණු හා වර්ණවත් පාටින් ඔවුන්ගේ මුහුණු වර්ණවත් වී තිබුණි . ඉතා වර්ණවත් ඇදුම් ආයිත්තම්වලින් සැරසී සිටි ඔවුන් අපේ පැමිණීමෙන් සතුටු වූ බව අපි දුටුවෙමු . හූ හඬින් තොල් වලට ගසමින් වූඋ....හූඋ... ශබ්දයන් නිකුත් කරමින් ඔවුන්ගේ නැටුම් ආරම්භ විය. වටේ කැරකෙමින් තාලයට බඳ හා පස්සා පැත්ත  ලෙලවමින් ඔවුන් නැටුම් ඉදිරිපත් කලේ අප සැම කුල්මත් කරමිනි. විශේෂයෙන්ම මලීෂා ඇතුළු ඇගේ පවුලේ අය මේ සංදර්ශනය දෙස අමන්දානන්දයෙන් යුතුව බලා සිටිනු දක්නට ලැබුණි . පැයක කාලයක් අපි නැටුම් බලමින් සතුටු වූ අතරම අපිද නැටුවෙමු. නැටුම් සඳහා ඇයද අප හා ලැජ්ජාවෙන් යුතුව එක් විය. අපි ඇයව වට කර ගෙන නැටුවෙමු . ඒ මිහිරි රාත්‍රිය තවමත් මගේ මතක අතර තැන්පත් ව ඇත්තේ කිසිදා නොමැකෙන ලෙසිනි . අපි නවාතැන් පලට පැමිනෙන විට රෑ...

ආදරණීය මලීෂා - 8 වන කොටස.

Image
වනය තුළ යම් තරමට සිසිලසක් ගෙන දෙන වන ගහනයක් තුලට අපි පිවිසියෙමු. කොල පැහැති විශාල ගස් එකිනෙකට ලංව පිහිටා තිබිණ . සැම්බීසි ගං කොමලිය පැත්තකින් නිහඬ ව ගලා බසී. සරුසාර පස නිසා මේ දෙපස විශාල ලෙස ගස් පිහිටා තිබේ . සැම්බියානුවන් වශයෙන් අපි අපේ රට ගැන ආඩම්බර වීමු . මේ නිසාම විදේශිකයන් මේ නගරයන් හි සංචාරකයින් ලෙස ගැවසෙන බැවින් අප රටට විශාල විදේශ විනිමයක් ලැබුණි . ගහකොළ ට ආදරය කිරීමේ පුරුද්දත් , ඒවා රැක ගැනීමේ පුරුද්දත් අපිට පාසැලේ විෂයයන් තුළින් ම ලැබුණි . සෑම අප්‍රිකානු වෙකුගේ හදවතේ තමන් අප්‍රිකානු වෙකු බවට අභිමානයක් තිබේ . ඒ හැඟීම අපේ ලේ තුලට කිදාබැස තිබේ . කළු පැහැති සමත් , හැඩිදැඩි ශරීර ශක්තියක්  ඇතියවුන් ලෙස අප්‍රිකානු වන් සැලකේ . පිටතින් අපි එසේ වූවත් බොහෝ දෙනෙක් සංවේදී සිත් ඇති අය බව ඔබට කිව යුතුය . ඈතින් අලියකු ගේ හිසක් මතුවිය . ඒ අනුව අලි රංචුවක් ලග ලගම ඇති බවට සළකුණු විය . අරුමයක් නොවේ. අලි ඇතුන් විස්සක් පමණ වනයෙන් එළියට ආවේ අපි නොසිතූ පරිද්දෙනි . "ෂා.. ඒක පුදුම දර්ශනය ක්. ලංකාවේ අපිට මෙහෙම දකින්න වෙන්නේ නෑ." මලීෂා ගේ පියා විමතියෙන් කීවේය . මද වේලාවක් අපි ඒ ...

ආදරණීය මලීෂා - 7 කොටස.

Image
           හිමිදිරිය වසන්ත සුළඟේ හමා යන සීතලෙන් ගත නිවයි. උදෑසන කුරුලු නාදයත් , මොණරුන්ගේ කෑ ගැසීමත් සමඟ මම අවදිවීමි. කිසිවෙක් අවදිවූ බවක් නොදැනුණි. මම හිමිහිට එලියට ආවෙමි. මද සීතලක් සමඟ මුසුවූ මිහිරි මල් සුවඳකින් මගේ හදවත පිරී ගියේය. විශාල ගස් කිහිපයක් සහිත ආවරණයක් යටට මා පැමිණියේ හිමිදිරිය සුන්දරත්වය විඳගනු පිණිසය. විශාල බට පඳුුරක්  ඒමේ අත වැනෙමින් ක්‍රීක් ක්‍රීක් ශබ්දයක් නිකුත් කරයි. තණපත් මත කුඩා මකුළු දැල් වන් වියන් වේ.  ඒ මත පිනි වියන් සෑදී ඒවා ලාහිරු එළියේ දියමන්ති සේ දිලේ. ඒ මත පය තබන විට දැනෙන සිසිලසට මම කවදත් ප්‍රිය කරමි. සමන් මල් මෙන්ම කුඩා ගඳපාන මලින් ද මේ  ගස් වටා එතීගිය තන්බර්ජියා වැල් පුරාවට පිරුණු දම් පැහැ මල්ද පරිසරය වර්ණනවත් කරයි. හිමිදිරි පාන්දර යන්තම් එළිය වැටී එයි.  ලා හිරුරැස් වැටී බිමමත නේක රටා මවයි.   කුරුලු ගීත දස අතම ඇසේ. ඉඳහිට ලේනෙකුගේ හඬත්, බකමූනෙකුගේ හඬත් එකිනෙක පරයා ඇසේ. මා අසලින් ගමන් ගත් ලේන් පැටියෙකු බිය වී ගසක් මතට නැග්ගේ කලබලයෙනි. වැසි වැටී තිබු පරිසරය නැවුම් බවක් උසුලයි . මලීෂා ගේ මව ඈතින්...

අම්මා.

Image
සසර සරණා පතිනි මවුවරුන් සෙනෙහස බෙදනා නිමල සිතින් දොර ගලා යන ආදර  සෙනෙහෙන් රකිනා පියතුම හා ඇයගේ දරුවන් නිදි නොලබා නෙත නිති නිදිවරමින් හිරු වඬිනා කල හිමිඳිරි උදෑසනින් බත සලසා ඈ ගිහි ගේ ගිනි පිඹිමින් නිති රකිනා  තම දරුවන් ඇස මෙන් ජීවිතයේ බර මෙසේ අදිමින් ගතේ විඩා දුක් කිසිත් නොතකමින් නේක නේක දුක්  ඉවසා දරමින් අම්මා යයි මේ සසර මගෙහි  සතුටින් චාන්දි.

ආදරණීය මලීෂා 6 කොටස.

Image
මගේ ජීවිතයේ පරිවර්තනය සිදුවූ මේ අවධියේ මම මගේ පියාගේ නැගණිය අප හට අහිමි වූයේ  පෙර සසර කල කර්ම විපාක වල ප්‍රතිඵලයක් ලෙස බව වටහා ගතිමි. එමෙන්ම මගේ දෙමාපිය දෙපලගේ දෙමාපියන් ද අපව හැර දමා කෙදිනක හෝ යන බවත් සියලු දේ සිදු වන්නේ දෙවියන් ගේ කැමැත්ත ටම නොව අපගේ කර්ම ශක්තිය අනුව බව වටහා ගත්තෙමි. අප නිතර පාසැලේ දී විවේක අවස්ථා වලදී ධර්ම සාකච්ඡා කලෙමු. මගේ දහම් දැනුම මෙන්ම ජීවිතාවබෝධය ලබා ගැනීමට මේ සාකච්ඡා බෙහෙවින් ඉවහල් විය. කෙමෙන් කෙමෙන් අප පාසැල් වාර අවසානය ලඟාවිය . අපි මේ අවුරුද්දේ ලිවිංග්ස්ටන් යාමට කතිකා කරගත්තෙමු. ලිවිංග්ස්ටන් නගරය සිම්බාබ්වේ හා සැම්බියානු දේශ සීමාවේ පිහිටා තිබේ . මනරම් වික්ටෝරියා දිය ඇල්ල පිහිටියේ මේ කුඩා නගරයේය. අපි සැම බොහෝ උනන්දුවෙන් ඒ සඳහා ලක ලැහැස්ති වීමු. දුර ප්‍රමාණය කිලෝ මීටර් 490 කි. යාමට ගතවන කාලය පැය හතකට ආසන්නය. පන්තියේ සැම දෙනෙක්ම මේ සඳහා යම් කාර්ය භාරයක් ඉටු කල යුතුවූ හෙයින් අපි සැම සාකච්ඡා කොට එක් එක් කෙනාට වැඩ පැවරුවෙමු. මහ මඟට අවශ්‍ය කෑම බීම  මෙන්ම බෙහෙත් හේත් ද අනෙකුත් අවශ්‍ය දෑද සාමූහිකත්වයෙන් සපයා ගත්තෙමු . මලීෂා ගේ දෙමාපියන් ද ස්ව ...

ගමන් මග

Image
සිනාසුණු තැන් ජීවිතේ බොහොමයි සිත රිදුණු තැන් ද ජීවිතේ බොහොමයි හොවා මා හිස ඔබේ ලය මඬලේ පිරිමදින විට සියලු දුක් ගිනි පහව යයි රිසිසේ සසර එක් නවාතැනක් පමණ ද මේ ඒ නවාතැන  සදා සෙනෙහෙ මිහිරෙන් පුරවා මගේ දිවියට සතුට සැනසුම ලබා දුන් නුඹ පුදම් බැති පෙම් උපදවා ලය මඬලේ මේ අතිර සසර මගේ මාද ඔබ හැර යනු ඇතී මගෙ රත්තරනේ පාළුවෙන් හිත පුරවනු ඇතී දහම් මග යමින් ඔබ සැනසුම  ලබනු ඇතී නිවන්නට බව ගිමන් නිබඳ මා හා එනු ඇතී චාන්දි .
Image
පුංචි සුරංගනාවිය  ! අතීතයේ එක් දිනෙක හමුවූ මගේ පුංචි සුරංගනාවිය මතකයේ මතක මත සරන්නී නොදන්නී ඈ... මා ඇයට ආදරය කල බවක් දිනගනන් සති ගනන් මග බලා සෙනෙහසින් බලා උන්නෙමි පවසන්න හද පිරි සෙනෙහස ඇයට කාලය ගෙවී ගියමුත් සමු අරන් මා ඇගෙන් දුර ඈත මතකයන් සරයි නිතර හද රිදවමින් අපි අපෙන් ඈත් වී බොහෝ කල් නමුදු මතක අතර නිබඳ දැවටෙමින් හදවතේ කොනක ඈ හිදී හිනැහෙමින් අමතක කරන්නද ඒ සුවඳ මා ලඟින් චාන්දි.
Image
ඔබ නිදනවා හැමදාම ආදරෙන්  මං ගාව සයනයේ දකින හීනයක නෙතු ගාව හිමිදිරිය නින්දෙන් මා ඇහැරවන   වත ගාව හැමදාම මා ඉන්නම් ආදරෙන් නුඹ ගාව වසන්තය ඉගිලිලා නොමයාවි කිසිදාක අපේ ආදරේ නම් පවතීවි හැමදාම එදා වාගෙම අදත් පායාවි හඳ පාන ගෙවේවි හැමදාම මදුසමය වාගේම මේ ගෙවන්නෙ අප ජීවිතේ හැන්දෑව බොහෝ මතකයන් ඇත මිහිරි කවියක්ව කාලයේ වැලිතලා වෙන් වැසීයන අපූරුව තවත් එක ආත්මයක් ගෙවී යයි සුන්දරව අපි අපේම වී දැන් බොහෝ කල් ගෙවී ඇති කිසි ලෙසින් නොවේ අපි දුරස් වී ඇති දුක සතුට එකසේම දරා අප විත් ඇති සොඳුරුව අප ජීවිතේ ගංගාව ගලා යනු ඇති
Image
මල් සුවඳ. මේ මහ සයුරට නොකියාම නුඹ ගිහින් ආයෙත් නෑ එන්නේ ඉවුරෙ හැපි හැපී හඬනා දිය රැළි නෑ ඒ බව තාමත් දන්නේ හැමදාකම මා ආවත් මේ සයුරු තෙරට ඒ බව ඇයි නොතේරෙන්නේ කිමද කිය කියා  මගෙ හදවත නිතරම මාගෙන් විමසන්නේ ඈත ඈත මහ සයුරේ නොපෙනෙන  සිතිජයේ ඔබ කොහේ සැඟවිලා ගියෙද කියනු මා ප්‍රරෙමියේ උදාවන නව දිනෙක දින ගනියි එකින් එක දින පොතේ නොඑන මුත් ඒ දිනය අප පැතුම්  සඟවනු කෙසේ පිපෙන්නේ නේක මල් හැමදාම ගං තෙරේ සුවඳ දී මිලින වෙයි වැටී වැටී මේ මිහිතලේ සිඹින්නට නොහැක ඒ කුසුම් ඔබෙ සුවඳ මතක් වේ ඔබ වැනි වූ මලක් නම් නොපිපේවි යලිත් නම් මේ ගමේ චාන්දි.

තරුණයි අපේ පෙම!

Image
ලා සඳ  රැස් රටා මවන  මේ මැණික් ගං දෑල හමන  මද පවන් රැල්  සිසිලසේ දැවටි දැවටී  මා හිස පිරි මදින  ඔබේ අතැඟිලි  දිගු කෙහෙරැලි  අතර  හිමි හිමින් නිවයි මා සිත් සයුර ආදරෙන් වෙලි වෙලී  නිල් තරු වියන යට දිලි දිලී  නැගන මැලවෙන  කලා මැදිරි එළි දකින  මනරම් රාත්‍රියක  රැය පුරා කොදුරමින්  අප දිවියේ මග හසර ඔබ දෙපා මත හිස හොවාන  සෙනෙහසින්  ඔබෙ මැණික  සුව විදී මා හිමිගෙ  සෙනෙහෙ ගං දියෙ තෙමී නොමියෙනා මේ රැය පුරා  නිදි නොමැති අප දෑස පිරිමදින මැණික් නදී දිය ගලා යන අපූරුව  වැදි වැදී ගං ඉවුර මේ වනස්පතිය හඬවමින් හඬනගන  අතුපතර  සිළි සිළිය වැදි වැදී ඔබේ උණුසුම සොයන තාමත් තරුණයි  අපේ පෙම කිසිදාක  නොමියෙනා